Sunday, October 27, 2013

fiverr.com ටත් දෙයියන්ගේම පිහිටයි!

3 comments
හදිසියේ ලිපියක් ලියන්න දුවගෙන ආවා.මෙච්චර කල් අතට පයට කීයක් හරි හොයලා දුන්න ‍ෆිවර්ර්. ඔන්න වැඩේ කෙලවන්නයි යන්නේ.


"Withdrawals are temporarily disabled for this account. Our team is working hard on getting this fixed as soon as possible.
We appologise for the inconvenience."


ගැටලුව ඇතිවන්නේ කාටද?
 fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට.

ගැටලුවට හේතුව?
 fiverr මගින් නව නීතියක් ගෙන ඒම. එයනම් "එක් වෙලෙන්දෙකුට ‍fiverr  අඩවියේ තිබිය හැක්කේ එක් ගිනුමක් පමනයි"

දැන් මොකද වෙන්නේ?
මොකුත් වෙන්නේ නෑ, එක් fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වා දැමීමට සිදුවේ.

හොයපු සල්ලි වලට මොකද වෙන්නේ?
දැනට හොයලා තියෙන සල්ලි ඔක්කෝම fiverr customer support  එකේ මාර්ගයෙන් ලබා ගත හැකියි.

වැඩිදුර තොරතුරු සහ පියවර
මෙහෙමයි, අපි fiverr customer support එකට කියනවා මගේ fiverr ගිනුම් කිහිපයක් තියෙනවා. මං කැමතියි එක fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් නවත්වලා දාන්න. ඒත් මගේ fiverr ගිනුම් වල තියෙන මුදල් ලබාදෙන්න කියලා.
එහෙම කියලා අපේ ‍fiverr ගිනුම් සියල්ලගේම usernames එයාලාට යවනවා.

ඊටපස්සේ එයාලා ඔය fiverr ගිනුම් වල Withdrawals Disable කරලා තියෙන එක අයින් කරනවා. ඒ වගේම අපිට එතැන් පටන් පැය 24ක් ලැබෙනවා අපේ fiverr මුදල් අපේ පෙපැල් ගිනුමට withdraw කරගන්නට.ඒ පැය 24න් පස්සේ අපේ fiverr ගිනුම් ඔක්කෝම එයාලා මකලා දානවා.

අපි කැමතිනම් එක් ‍ෆිවර් ගිනුම්ක් ඉතුරු කරගන්න, ඒක අපි එයාලාට කියන්න ඕනේ, මෙන්න මේ username එක සහිත fiverr ගිනුම පමනක් ඉතුරුකරන්න කියලා.

තව ගැටලුවක් තියෙනවා. එයාලා අර දෙන පැය 24 තුලදී Withdraw කරන්න පුලුවන් Available funds විතරයි. ඒ කියන්නේ දින 14ක Safety Clearance Period එකකින් පසු නිදහස් වුනු මුදල පමනයි. රූපයෙන් දක්වා ඇත.


දැන් මොකෑ කොරන්නේ?
දැන් කරන්න වෙන්නේ සියලුම මුදල් Safety Clearance Period එක පනින තුරු ඉවසාගෙන ඉදලා ඉන් පසුව Customer support ට ඉහත ලෙස දන්වා මුදල් ලබාගැනීමයි.

අද සිට ඔබ එක් ‍fiverr ගිනුමක් හැරෙන්නට අනෙක් සියලුම ගිනුම් භාවිතයෙන් වලකින්න. භාවිතයෙන් වලකින්න කීවේ ඒකට ලොග් වෙන්න එපා කියන එක නෙවේ. ඒවාය් ඕඩර් සම්පූර්න කිරීමේන් වලකින්න. තවද එම සියලුම ගිනුම් වල තියෙන ගිග් නවතා දමන්න. ඒවා තාවකාලිකව නවත්වන්නේ මෙහෙමයි.


මෙහෙම කරපුවාම ඒවාට එතැන් සිට ඕඩර් එන එක වලකිනවා. ඒ කියන්නේ අද සිට දවස් 14ක් යන විට ඔබේ ‍fiverr ගිනුම් සියල්ලේ තිබෙන මුදල් withdraw කිරීමට හැකිවනසේ clear වෙනවා.

මේ මුදල් ඔක්කෝම clear වුනාට පසුවයි අපි fiverr Customer support එකට දන්වන්නේ.

 මේ ලිපිය බොහොම හදිසියෙන් ලීවේ. ඇඩ්සෙන්ස් කුප්පියේ බාගයක් ලියමින් ඉන්නකොටයි මේ මගුලක් ගැන ලියන්න වුනේ. fiverr Customer support එකට දන්වන හැටි හා එහි රෙජිස්ටර් වෙන ආකාරය හා මේ කරුනට සම්බන්ධ සියලුම දේවල් මං කියලා දෙන්නම්. විටින් විට මේ ලිපිය අප්ඩේට් කරන්නම්. මූලික කරුනු කාරනා ටික කියන්නයි ඕනේ වුනේ.

කලබල වෙන්න එපා. ‍ෆිවර් ගිනුම් වලතියෙන සල්ලි ඔක්කෝම අපිට ගන්න පුලුවන්. වැඩේ හරියට කරොත්.  මේ සියලුම ගැටලු පැන නගින්නේ  fiverr.com වෙබ් අඩවියේ වෙලද ගිනුම් කිහිපයකින් එකම පේපැල් ගිනුමට මුදල් ලබාගන්න අයට පමනයි.




Continue reading ...

Monday, October 14, 2013

100% ක් Positive Feedback | Fiverr කුප්පිය #5

1 comments

මේක ‍ෆිවර් ගැන ලියන අවසාන ලිපියද කියලා මං දන්නේ නෑ. සමහරවිට තව ලිපියක් ලියන්න වෙයි. අපි බලමුකෝ ලියාගෙන ගිහිල්ලා අන්තිමේට මොකද වෙන්නේ කියලා. ගොඩක් යාලුවෝ කියනවා fiverr නම් හරි සාර්ථකයි කියලා. oDesk වල වගේ විභාග ලිය ලියා ඔට්‍ටු වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අපි කුප්පියට බහිමු,

මොකක්ද මේ Positive Feedback?

අපි කොච්චර දක්ශද, ගැනුම්කරුවන්ට හොදට සලකනවාද, ලෙඩ දාන්නේ නැතිව ඉක්මනට වැඩේ කරලා දෙනවාද කියන කරුනු මත Feedback එක තීරනය වෙනවා. සාමාන්‍යයෙන් Feedback එක 90% ට වැඩි නැත්නම් ආයේ ඕඩර් එකක් එනවා කියන එක හීනයක් වගේ. ඒකට fiverr හි තිබෙන තරගකාරී බව කෙලින්ම බලපානවා. Feedback  එක නංවාගැනීම සදහා මගේ අත්දැකීමේ හැටියට කරන්න පුලුවන් දේවල් කියන්නම්.

1. පැහැදිලි, සරල ඉංග්‍රීසි වලින් කතා කිරීම.
2. අඩුම තරමේ දවසකට වරක්වත් fiverr ගිනුමේ නව ඕඩර් තිබේදැයි බැලීම.
3. ලැබී තිබෙන ඕඩර් හැකි ඉක්මනින් සම්පූර්න කර දීම.
4. Fiverr Inbox එකට ඇවිත් ඇති ගැටලු වලට නොපමාව රිප්ලයි කිරීම.


පැහැදිලි, සරල ඉංග්‍රීසි වලින් කතා කිරීම

මෙහෙමයි, මේ වැඩේට දඩාර් ඉංග්‍රීසි දැනුමක්වත්, බස බස ගාලා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක්වත් ඕනේ නෑ.  අපි ඉස්සරෝම බලන්න ඕනේ අපි කරන්නේ මොන වගේ ගිග් එකක් ද කියලා. මට ආපු මැසේජ් වගේම ඒවාට එක එක ක්‍රම වලට රිප්ලයි කරපු හැටි මං පහලින් දාන්නම්. ඔයාලටත් පුලුවනි මේ රූප බලලා, ඒකෙන් හොදයි කියලා හිතෙන ඉංග්‍රීසි වචන, වාක්‍ය උපුටාගන්න.  මේ ක්‍රමය අල්ලාගන්න උත්සාහ කරන්න. ආමන්ත්‍රනය හා අවසානය වගේ දේවල්.

මම බැනර් ඩිසයින් කරනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු ලින්ක් list එකක් විකුනනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු icon විකුනනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


eBay Poster Designing, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


දැන් අපි හිතමු අපි ඕඩර් එකක් Deliver කලා කියලා. අන්න එතකොට මමනම් යවන්නේ මේ වගේ මැසේජස් තමයි. ඔයාටත් පුලුවනි හොදයි කියලා හිතෙන වාක්‍යක් උපුටාගන්න.

මේ Design වැඩක් කරලා දීලා Feedback එක ඉල්ලපු හැටි,


මේකත් Design වැඩක්. මේ සුද්දානම් ඇනයක් වුනා. හැබැයි කොහොමහරි අඩලා Positive Feedback එකක් ගත්තා.

ඔය සෑර් කියන වචනේ කියන්න ලැජ්ජයි නම්, Hi හෝ Hello කියලා ආමන්ත්‍රනය කරන්න පුලුවන්. මටනම් ඒක එච්චර ගානක් නෑ. මූන පේනවයැ. :P ඔන්න ඉංග්‍රීසි පාඩම ඉවරයි.

ඕඩර් ඕඩර් ඕඩර්................... ඕඩර්

දැන් කියන්න යන්නේ ඕඩර් වැඩිපුර ගන්න ක්‍රම සහ විධි,

1. අපි දක්ශයෙක් වෙන්න ඕනේ

 අපි හිතමුකෝ මේ ලිපිය කියවන ඔයාට පුලුවන් එක අතකින් mouse එක අලාගෙන, අනිත් අත keyboard එක උඩ තියාගෙන මන්ද බුද්ධිකයෙක් වගේ කොම්පීතරේ දිහා බලාගෙන ඉන්න විතරයි කියලා. ඒ කියන්නේ විකුනන්න කිසිම  දක්ශතාවයක් නෑ කියන එක හොදේ. ඉතින් විකුනන්න දේවල් නැතුවයැ PSD, Icons, Software, Images වගේ දේවල් විකුනන්න පුලුවනිනේ.

heroturko.me
downeu.com
downtr.co
gfxtra.com
මේ වෙබ් අඩවි තියෙන්නේ නිකමටයැ.

ගෙදර බල්ලෙක්, පූසෙක් හෝ වෙනත් සුරතලෙක් ඉන්නවානම්, ඔයාලට පුලුවනි උන්ව විකුනං කන්න. කැමරාවක් විතරයි ඕනේ. මේකේ ඉන්න එවුන් ඇගිලි විකුනනවා, ඇග විකුනනවා, ගෙදර ඉන්න සුරතල්ලු විකුනනවා, ලස්සන මූනක් තියෙනවානම්, ඒක්ත් විකුනනවා. අපේ එවුන් හැමදාම කලේ අපට නෑ. අපිට බෑ. කිය කියා හිටපු එක විතරයි.









2. Unique Keywords භාවිතා කිරීම

ගිග් එකක් හදද්දී Keywords දාන්න ඕනනේ. අපි හැමවෙලේම පෙලෙබෙන්න ඕනේ අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ හැමෝම දාන කීවර්ඩ්ස් වලට වඩා වෙනස් වචන දාන්න.  ඔය කීවර්ඩ් වල තියෙන නැවුම් භාවය ඔයාගේ ගිග් එක fiverr හි මුල් පි‍ටුවලට එන්න අත්වැලක් වෙනවා.
අපි හිතමුකෝ අපේ ගිග් එකට හරියන කීවර්ඩ්ස් දාගන්න දන්නේ නෑ කියලා. අපිට පුලුවනි මෙහෙම වැඩක් කරන්න. Gig එක Design වැඩක් සම්බන්දවනම්,



මෙන්න මේ විදියට ඒකට ගැලපෙන keyword එකක් හොයාගන්න පුලුවන්. 
තවත් වැඩක් තියෙනවා, fiverr එකේ search කරලා, අපේ gig එකට සමාන gig දෙක තුනක් හොයාගෙන ඒවාගෙන් keyword කොපි කරලා, මිශ්‍ර කරලා දාන එක. 

Gig Description එකක් හරියට ගලපලා ලියාගන්න බැරිනම් ඒකටත් ඉහත ක්‍රමයම යොදාගන්න පුලුවන්.


3. Unique Title එකක් භාවිතා කිරීම

මොනවා කොපි කරලා දැම්මත්, Title එකනම් කොපි කරලා හරියන්නේ නෑ. ඇස් කඩාගෙන යන unique title එකක් දාන්න. මෙච්චර කාලෙකට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
eg:
I will design a killer LOGO for your company or website for $5

4. Facebook හා Twitter හි Share  කිරීම

 Share කරන්න නම් ඔයාගේ මේ ගිනුම් වල යාලුවෝ ගොඩක් ඉන්න ඕනේ. ලංකාවේ උන් නෙවේ. පිටරට මිනුස්සු. ලංකාවේ එවුන්ටනම් අපි වැඩෙත් නිකන් කරලා දීලා කීයක් හරි සාක්කුවටත් දාන්න වෙයි.



Pending Review වීමට විසදුම්


Pending Review වන්නේ Keywords හා Description එකට නීති විරෝදී වචන දාපුවාම. මෙන්න මේවයි නීති විරෝදී වචන කියලා කියන්න දන්නේ නෑ. බොහෝවිට ඊමේල් සම්බන්දව හා එක එක eBook වගේ දේවල් විකුනන්න ගියාමයි මේ දේ වෙන්නේ. Pending Review වුනොත්, බොහෝවිට Active වෙනවාට වඩා Denied වීමේ සම්භාවිතාව වැඩියි. ඒකට කරන්න තියෙන්නේ ඒ ගිග් එක delete කරලා. ඉහත සදහන් කල ආකාරයට keywords කොපි කරලා දාන එක.


fiverr මුදල් withdraw කරමු

ඔයාලාගේ ‍fiverr ගිනුමේ කිසිම තැනක පේපැල් ලිපිනය සදහන් කරන්න නෑ. ඒක සදහන් කරන්නේ අපි මුදල් එලියට ගන්න වෙලාවේ විතරයි. දැන් කියන්න යන්නේ withdraw කරන ආකාරයයි.


A= Withdraw කිරීමේ හැකියාව පවතින මුදල
B= දින 14ක් යන තුරු Withdraw කල නොහැකි මුදල
C= කරමින් පවතින ඕඩර් සදහා ලැබුනු මුදල

"withdraw your earnings" බොත්තම ඔබනවා. එවිට පහල පෙනෙන පරිදි නව පේජයක් ඒවි.


  මෙහි දෙපාරක් ඔබේ පේපැල් ලිපිනය සදහන් කර "Submit"  කියන බොත්තම එබුවාම. ඔබ සදහන් කල පේපැල් ලිපිනයට ඊමේල් එකක් එනවා. වරදවා තේරුම් ගන්න එපා. පේපැල් ඊමේල් එකටයි link එක එන්නේ.


ඔන්න ඔය උඩ තියෙන විදිහේ ඊමේල් එකක් එන්නේ. ඒකේ ලින්ක් එක ක්ලික් කරපුවාම පේපැල් එකට සල්ලි වැටෙනවා. මේක පැයක් විතර ඇතුලතදී වෙනවා.

තව පොඩි දෙයක් තියෙනවා. මේක මට යාලුවෙකුගෙන් වැ‍ටුනු කොමෙන්ට් එකක්. ඔයාලටත් වැදගත්වේවි කියලා හිතලා පෝස්ට් එකේම දාන්නම්

Anonymous says:
October 24, 2011 1:50 AM ;

මම ඔය වැඩේට බැස්සා යාළුවා ඔයාගෙ පළමු ලිපිය මේ ගැන දැකලා.. මම දැන් සති දෙකක් සම්පූර්ණ කළා. කියන්න සතුටුයි මම ගිග් 32ක් කළා...එයින් දැනට 25ක් සම්පූර්ණයි..මට මතකයි මං ඔයාට කියලා යන්න ආවා ඒ ගැන... ඉතින් අදත් අවංකව ස්තුති වෙනවා ඔයා මේවා කියලා දුන්නට..

ගිග් කරනවා නම් පොඩි දෙයක් අනිත් යාළුවන්ට කියන්න ඕනි..සමහරු හිතනවා ඇති කපටිකම් කරලා මේක කරන්න පුළුවන් කියලා..ඒත් එහෙම බැහැ..ඒත් මෙහෙම දෙයක් තියෙනවා...අවංක දක්ෂ අයට වැඩ වැඩියි...එයාලා ගොඩක් වෙලාවට සල්ලි ගැන නෙවෙයි බලන්නේ...ඇත්තටම වැඩේ තියෙන ගුණාත්මක බව..මම කරේ ග්‍රැෆික් ඩිසයින්..ඇත්තටම ලෝගෝ හදන්න..ඒත් ඇත්තම කිව්වොත් ලෝගෝ එකක් හදන්න නිකම් ඩොලර් 4ක් අරන් බැහැ..ඒත් මම කරලා පුළුවන් උපරිමෙන්ම..

එහෙම කලොත් තමා මාර්කට් එක අල්ලගන්න පුළුවන් වෙන්නේ...

පුංචි දේවල් ටිකක් කියන්නම් මම අත්දැකීමෙන් ලබපු....

1. ඔය ගිග් එකේ විස්තර දානකොට ඔයාගෙ වැඩ පෙන්වන්න කොහේ හරි වැඩ ටික දාලා ලින්ක් එකක් දෙන්න පුළුවනි නම් හොදයි ගොඩක්... මම නම් මගේ ලෝගෝ වැඩ ටික යෝලා සයිට් එකකට දාලා පෙන්නුවා... ඒක ගොඩක් හොදයි..

2. ගොඩක් වැල්වටරම් නම් ලියන්න එපා...ලස්සනට කෙටියෙන් ඒත් කියන්න තියෙන දේ කියන්න..

3. ගොඩක් අය බලන්නේ ඒවා කියවා කියවා ඉන්න නෙවෙයි.. ෆීඩ් බැක් බැලුවා අර ලින්ක් එකක් තියේ නම් ඒක බැලුවා .. ඕර්ඩර් කළා....

4. ඔයාලා දකින්නත් ඇති..ඔයාලා කරන වැඩේ ගැන ලස්සන චූටි වීඩියෝ එකක් දෙනවා නම් නියමයි...

5. කෙනෙක් ගිග් එකක් ගත්තම අපේ එයා එක්ක කථා කරලා පැහැදිලිව එයා බලාපොරොත්තු වෙන දේ දැන ගන්න...

6. ඔයා කරපු එකක් වෙනස් කම් කරන්න වෙයි ගොඩක් වෙලාවට..විශේෂයෙන්ම ඩිසයින් වැඩ වල..සතුටින් ඒක කරලා දෙන්න...

කට්ටියටම එහෙනම් සුභ පැතුම් මගෙනුත්... අයෙමත් ස්තුතිය අයි ප්ලස්ට..එල කොල්ලෝ ඔයාගෙ වැඩේ...හැමෝම මෙහෙම නැහැ..මටත් පුළුවන් දන්න දේවල් අත්දැකීම් පුළුවන් වෙලාවට මෙහෙම දාලා යන්නම්...

 මෙතනින් කොමෙන්ට් එක ඉවරයි. මේ කොමෙන්ට් එක දාපු යාලුවාට ගොඩක්ම ගොඩක් ස්තූතියි!

 තව ලිපියක් ලියන්න වේවිද කියලා මං තාම දන්නේ නෑ. මොනවාහරි කියන්න අමතක වුනා කියලා හිතුනොත් ලියන්නම්. මං කියනදේවල් තේරෙනෙවාද කියලානම් මං දන්නේ නෑ. කොහොමත් මේ දවස්වල චේන් පැනලා ඉන්නේ. රිසල්ට් එන්නත් ලගයිනේ. :P

ගිහින් එන්නම්,
ඔබට ජය!







Continue reading ...

Friday, October 4, 2013

ඕඩර් එකක් ආවා. හෆොයි දැන් මොකද කරන්නේ | Fiverr කුප්පිය #4

0 comments

Fiverr ඔයාලටත් මටත්, අපි හැමෝටමත් වාසනාව කැන්දූ වෙබ් අඩවියක්. කොච්චර කීවත් අහන්නේ කමකට ගන්නේ නැති, තාමත් PTC පස්සේ දුවන උදවිය නැතිව නෙවෙයිනේ. ඔක්කොටම වඩා හේතුව කම්මැලිකම. ඇයි? එයාලා හිතන්නේ මෙහෙමයි, ඕඩර් එයි, ඉංග්‍රීසියෙන් කථාකරයි, මට තේරුම්ගන්න බැරිවෙයි. අනෙක මට කොම්පීතරේ මුකුත් හරි හමන් විදියට කරගන්නත් බෑ. ඔයිට වඩා හොදයි අන්ධ, ගොළු, බිහිරි එකෙක් වගේ PTC පස්සේ දුවන එක කියලා.

ඇත්තම කියනවානම් හරියට බැලුවොත් මටත් මුකුත්ම බෑ. ඉංග්‍රීසිත් හරියට බෑ, ඩිසයින් වැඩත් හරියට බෑ. Social marketing නම් දන්නේම නෑ, මොකක්ද programming කියන්නේ?


ඔහොම බලාගෙන ගියොත් කිසිම දෙයක් බෑ. ඒත් මං මාස කීපයක ඉදලා Photoshop වලට ඔට්‍ටු වුනා. ඒ ඉගෙනගැනීමේ පරමාර්ථයෙන් නෙවේ, මුදල් සෙවීමේ පරමාර්ථයෙන්. ඩිසයින් වැඩ කරන එවුන්ට ඕඩර් 1000, 2000 තියෙනවා දැක්කහාම, ඉරිසියාවෙන් ඉවසාගන්න බැරිව, අකමැත්තෙන් වුනත් Photoshop එක්ක ගැ‍ටුනා. දැනට හොදටම බැරිවුනත්, සාමාන්‍ය තරමේ ඇඩ් එකක්, පෝස්ටර්, බැනර් එකක් ඩිසයින් කරගන්න පුලුවන්. පහලින් දාල තියෙනවා මං ඩිසයින් කරපු බෑනර් එකක්. සමහරෙක් දකීවී මේක ලස්සනයි, හරි ක්‍රියේටිව් කියලා, තව කෙනෙක් දකීවි හෆොයි මේක කපු‍ටු කූඩුවක් වගේනේ කියලා. මටනම් හිතෙන්නේ ඔය දෙවෙනියට කියපු එක. :P


මං මේක පෙන්නුවේ මගේ පණ්ඩිතකම විදහා දක්වන්න නෙවේ, උත්සාහ කලොත් තරමක හෝ සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් කියන එක පෙන්නන්න. ඔන්න දැන්වත් මොනවාහරි අලුත් දෙයක් කල්පනා කරලා, වැඩේට බහින්න.

හරි අපි කතාවට බහිමු. ගිනුමක් හදන්න වගේම සාර්ථක ගිග් එකක් හදන්න අපි දන්නවා.  ඔන්න දැන් කථාකරන්න යන්නේ, ඕඩර් එකක් ආපු අවස්තාවේ සිට, ඕඩර් එකක් අවසාන වෙන අවස්තාව දක්වායි. 

වැදගත් කරුනු:
 මෙහි මා සදහන් කර ඇති කිසිදු ඉංග්‍රීසි වාක්‍යක්, වචනයක් කොපි කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා ඒවා අනුගමනය කරන්න එපා. ඒකට හේතුව, මං මේවා උදාහරනය් උදෙසා පමනක් කරන නිසා. සුද්දොත් එක්ක හිත දිනාගන්න කතා කරන වචන, වාක්‍ය සෙට් එකක් තියෙනවා. ඒවා මං අනිවාර්යයෙන්ම කියලා දෙනවා. මෙතන මං කුප්පිය දාන්න ඕනේ නිසා, මගේම ගිනුමකින් මගේම ගිග් එකක් මිලදී අරගෙනයි  තියෙන්නේ. ඉංග්‍රීසි පාඩම වෙනමම කරන්නම්. ඒ ඉංග්‍රීසි පාඩම ඔයාලාගේ ගිනුමට ඕඩර් ගොඩක් එන්නත්, Positive feedback එන්නත් මහෝපකාරී වේවි.

ගිනුමට ලොග් වුන අවස්තාවේ ඕඩර් එකක් හෝ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවානම් මෙහෙම පෙන්නනවා.


හෆොයි! ඕඩර් හතරක්. $16ක්. "new order" බොත්තම ඔබලා අපිට නව ඕඩරයකට පිවිසෙන්න පුලුවන්.
එහෙමත් නැත්නම් Seller--> Manage Sales මගිනුත් නව ඕඩර් බලාගන්න පුලුවන්. ඔන්න එහෙනම් මං ඕඩරකට බහිනවා

Fiverr කුප්පිය #3  හි Instructions To Buyer කියලා box එක අපි පිරෙවවා මතක ඇති. අන්න ඒ ඉල්ලිම් වලට අනුව, සේවාව මිලදීගන්න කෙනා අපට තොරතුරු දන්වා එවලා තියෙනවා.

"can you design for me" කියලා තියෙන්නේ අන්න ඒක තමයි. වරදවා තේරුම් ගන්න එපා. මෙතන තියෙන්නේ උදාහරනයක් විතරයි. ඔයාලා අහලා තියෙනවානම් twitter username & pass , එයා ඒකට පිලිතුරක් මේ හරහා එවලා ඇති.

දැන් ඉහත රූපයේ පහලින් කො‍ටු දෙකක් පේනවානේ. ඒ ගැන තොරතුරුයි මේ.

Send a Message
Buyer එවලා තියෙන තොරතුරු පැහැදිලි නැත්නම් හෝ වෙනත් කරුනක් ඇසීමට මේ මැසේජ් බොක්ස් එක යොදාගන්න පුලුවන්.

Deliver Completed Work
අවසාන ප්‍රථිපලය Buyerට යැවීමට පමනක් මේ මැසේජ් බොක්ස් එක  යොදාගන්න පුලුවන්.

තවත් අමුතු විදියේ බොත්තමක් තියෙනවා. ඒකේ විස්තර කියන්නට පහල රූපය බලන්න.
  මේ බොත්තම අපට වැදගත් වෙන්නේ කුමන හෝ හේතුවක් නිසා අපට මේ ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම් පමනයි.


A- Request Cancellation
මේක තමයි ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම්, අපි අනිවාර්යයෙන්ම භාවිතා කලයුතු බොත්තම. කිසිම අවස්තාවක B බොත්තම භාවිතා කරන්න එපා. මෙහිදී සිදුවන්නේ, අපි සාධාරන හේතුවක් කියලා Buyerගේත් කැමැත්ත අරගෙන මේ ඕඩර් එක කැන්සල් කරන එක. ඒ හේතුව අපට C ලෙස නම් කර ඇති text box එකේ දන්වා යවන්න පුලුවන්.

B- Force Cancel Order
මේකනනම් වැරදිලාවත් ඔබන්න හොද නැති බොත්තමක්. මොකද, අපි අපේ කැමැත්තෙන් විතරක් මේ ඕඩර් එක කැන්සල් කලොත්, Negative Feedback එකක් වැටෙනවා. Negative Feedback වැටෙනවා කියන්නේ අයේ කවදාවත් ඕඩර් එන්නේ නෑ, කියන එකට සමානයි.

දැන් අපි හිතමු පවරපු වැඩේ අපි සාර්ථක ලෙස සම්පූර්න කලා කියලා. ඔන්න දැන් අපි හදන්නේ deliver කරන්න. 

"Deliver Completed Work" නම්වූ text box එක ‍තෝරනවා. "Browse" බොත්තම මගින් ඕනෙම ෆයිලයක් Attach කරන්න පුලුවන්. "Problem with upload" මගිනුත් එකමයි කරන්නේ, ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගොඩක් slow නම් විතරක් මේ බොත්තම භාවිතා කරන්න.

 මැසේජ් එකක් එහෙම තියෙනවානම් ටයිප් කරලා. "Send" බොත්තම ඔබන්න. අවසානයේ සාර්ථක ලෙස deliver කලානම්, පහල ලෙස තෑගි පාර්සලයක් දිස්වෙනු ඇති.



ඔයාලට පේනවා ඇති ඉහත රූපයේ ඉංග්‍රීසි වාක්‍යක් කො‍ටු කරලා තියෙනවා.  එක ගැන තොරතුරු පහල සාරාංශයෙන් දැනගන්න.

සාරාංශය
order එකක් එනවා.
අපේ ගිග් එකට  අවශ්‍ය තොරතුරු Buyer දන්වලා තියෙනවා. තව මොනවාහරි දැනගන්න ඕනේනම් ඒකට ඉහත ක්‍රම කියලා දීලා තියෙනවා.
ප්‍රතිඵලය Deliver කලාම Buyer ට පුලුවනි, Order Complete කරන්න එහෙමත් නැත්නම් පුලුවනි Reject කරන්න.

Order Complete කරනවානම් Positive හෝ Negative Feedback එකක් දාන්න පුලුවනි. Reject කලොත්, එයා කියන විදියට අපි නැවත සකස් කරලා දෙන්න ඕනේ.

මුලින්ම කීවනේ, කුප්පිය දාන්න ඕනේ නිසා Buyerත් මම Sellerත් මමයි කියලා. ඒ නිසා Buyerකෙනෙක්ගේ ගිනුමට, Seller විසින් Deliver කල දේ ඇවිල්ල තියෙන්නේ මෙහෙමයි.


Feedback දැමීමක් හෝ Reject කිරීමක් සිදු නොවුනොත්?

එහෙම වුනේ නැත්නම් දවස් තුනකින් automaticallyම ඕඩර් එක complete වෙනවා. ඒ කියන්නේ අපේ Deliver කිරීමට Buyer කිසිම ප්‍රත්චාරයක් දවස් තුනක් ඇතුලත නොදක්වුවොත්, එතනින් පස්සේ අපේ ගිනුමට නිකම්ම සල්ලි වැටෙනවා.

ඊලග ලිපියෙන්:
ඉංග්‍රීසි පාඩම
ගිග් Pending Review වීමට විසදුම්
ගිග් එකට ට්‍රැ‍ෆික් කැන්දවීම


ගිහින් එන්නම්,
ඔබට ජය!




Continue reading ...

පිස්සු හැදෙන ගිග් එකක් හදමු | Fiverr කුප්පිය #3

1 comments

හ්ම්ම්... Fiverr ගොඩක් අය ට්‍රයි කරන්න ඇති. දැන් කොහොමද ආදායාම? ඩොලර් කිහිපයක්වත් හොයාගන්න බැරිවුනාද? ඔක්කොටම කලින් IP නම්බරේ  Hide කරන හැටි කියලා දෙන්නම්. ඉස්සරලා ලිපියේ මෘදුකාංගයක් දුන්නානේ, දැන් වෙන විදියක් කියලා දෙන්නම්. වෙබ් අඩවියක් හරහා ලේසියෙන්ම IP නම්බරේ  Hide කරන්නේ මෙහෙමයි,

http://hidemyass.com/  මගින් UK හෝ US IP නම්බරයක් ගන්න ආකාරය

1 හා 2 පියවර පිලිවෙලට කරන්න. 2 න් කැමති රටක් ‍තෝරන්න පුලුවන්.

http://google.com වෙනුවට http://fiverr.com/login ටයිප් කරන්න.

"Hide My Ass" බොත්තම ඔබන්න, ඉන්පසු සාමාන්‍ය පරිදි fiverr හි රෙජිස්ටර් වන්න.

http://eu.smarthide.com/ මගින් Lithuania හෝ Germany IP...


  • 1, 2, 3, හා 4 පියවර පිලිවෙලට කරන්න. 1 න් කැමති රටක් ‍තෝරන්න පුලුවන්.
  • 3 න් පෙන්වා ඇති පරිදි Settings හදන්න.
  • 5 බොත්තම ඔබා සාමාන්‍ය පරිදි fiverr හි රෙජිස්ටර් වන්න.


මොනවද අපිට විකුණන්න පුලුවන්?


  • තමාගේ විශේෂ දක්ශතා තියෙනවානම් ඒවා විකුනන්න පුලුවන්, සින්දු කියන්න, නටන්න, සංගීත භාන්ඩ වාදනය, ‍රැප් කිරීම, ලිවීම-කිවීම වගේ දේවල්.
  • ඊට අමතරව Graphic Designing තමා නියමම රස්සාව. දක්ශයෙක්නම්, කල්ල මරේ.
  • ඊලගට හොදම වැඩේ Social Marketing. ඔයාලට පුලුවන්නම් Facebook යාලුවෝ 500ක්,  Twitter Follower 500 ක්, LinkedIn Connectors, Google + friends වගේ දේවල් අරගෙන දෙන්න, ආයේ කතා දෙකක් නෑ, මම නෙවේ ලක්ෂපති, ඔබයි ලක්ෂපති.
  • Programming වගේ පුලුවන්නම් එපාආආආආ කියද්දිත් ඕඩර් එනවා. අනේ එපා, එපා, දැන් ඇති, කියනකන් ඕඩර් එනවා.
  • ඉහත මුකුත්ම බැරිනම් Digital Products විකුනන්න. ඒ කියන්නේ සයිබරයෙන් හොයාගත්තු, eBooks, Video lessons, Learning Essentials වගේ දේවල්.
  • මීට අමතරව, ඔබට හිතෙනෙවානම් මේ දේ විකිනේවි කියලා, දෙපාරක් හිතන්න එපා ගිග් එකක් හදන්න. ගිග් 20ක් හදන්න පුලුවන්නේ. හිත හිත ඉන්න එපා.


පියවර හතයි, පිස්සු හැදෙයි

1. Title එකෙන් පිස්සු වට්ටමු

Unique Titleඑකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැනට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
Time frame එක එකේ ඇතුලත් වෙන්න ඕනේ, ඒ කියන්නේ කොපමණ කාලයක් ඇතුලත අපි වැඩේ කරලා දෙනවාද කියන එක. 
ඇස් කඩාගෙන යන්න ඕනේ, දැක්කාම ආසා හිතෙන්න ඕනේ.
උදාහරණ: 
I will get you 500 targeted twitter followers in 48hrs for $5


2. Category

Gift Ideas
Fun & Bizarre
Graphics
Video
Social Marketing
Travel
Writing
Postcards
Advertising
Music & Audio
Tips & Advice
Business
Technology
Programming
Other

අතරින් ඔබේ ගිග් එකට වඩාත්ම ගැලපෙන කාමරය ‍තෝරලා දෙන්න. ඉහත උදාහරනයට අනුවනම් “Social Marketing” තමා ගැලපෙන්නේ.

3. Description - බොඩිය පෙන්නලා පිස්සු වට්ටමු

මේ කාර්යය කිරීමට ඔබට තියෙන සුදුසුකම්
මෙම කාර්යයෙහි තිබෙන වැදගත්කම
අවශ්‍ය කාල පරාසය
Buyer ගෙන් මොනවාද මේ සදහා අවශ්‍ය
කියන කරුනු මේ සදහා ඇතුලත් කරන්න ඕනෑ.


උදාහරණ: 


Graphic Designing වගේ කරනවානම්. "Add More Images" මගින් ඔබේ දක්ෂතාවය පිලිබිබු වන පරිදි තවත් රූප කිහිපයක් යොදන්න අමතක කරන්න එපා.


ඊලග කුප්පි වලින්,
ඕඩර් එකක් ආපුවාම මොකද කරන්නේ?
ඕඩර් එකක් complete කරන්නේ කොහොමද?
ඕඩර් එකක් complete කරන්න බැරිනම් මොකද කරන්නේ?
100% Positive Feedback ගන්න හැටි.
Order පිට Order ගන්න හැටි.
බලාපොරොත්තු වන්න.


ගිහින් එන්නම්,
ඔබට ජය!



Continue reading ...

Thursday, October 3, 2013

Fiverr රහස ඔබ දන්නවාද? | Fiverr කුප්පිය #2

0 comments

ඉස්සරෝම කුප්පියට කලින් මේ දේවලුත් නොකියාම බෑ. මං ලිපි ලියනවාට ගොඩක් අය අකැමැතියි. ඒ වගේම Payment Proofs දානවටත් අකමැතියි. ඇත්තම කීවොත් අකමැතිකමට වඩා ඉරිසියයි. කාව සතු‍ටු කරන්නද කියලා මං දන්නේ නෑ. "වෙන රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්" හා....හා... සිරා ඇඩ් එක. කෙනෙක් හිතනවා මේකා මහ පණ්ඩිතයි කියලා. කෙනෙක් හිතනවා මේකට සල්ලි නොලැබෙනවානම් හොදයි කියලා.

ඒත් මමනම් මේ හැමෝටම කීයක් කීයක් හරි හොයාගන්න පුලුවන් වේවා කියලා හිතගෙනයි ලිපි ලියන්නේ. මං ජීවිතේ ගොඩක් දේවල් නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා ප්‍රාර්ථනා කරන්නේ නෑ තව කෙනෙක්ට දෙයක් නැතිවේවා කියලා.ඔය පිස්සු කතා ඇති. ඕවා කාටවත් කීවට වැඩක් නෑ. මං කරන දේවල් මට තියෙයි. ඔයාලා කරන දේවල් මට ඔයාලට තියෙයි. අපි කුප්පියට බහිමු,



Gigbucks ගැන කියලා දුන්නා මතක ඇති. මේ වෙබ් අඩවි දෙක අතරේ  ලොකුම වෙනස්කම් දෙකයි තියෙන්නේ, එකක් ටැ‍ෆික් එක. අනෙක withdraw method එක. fiverr මගින් අපට සල්ලි එලියට අදින්න පුලුවන් පේපැල් හරහා විතරයි
.

Fiverr මගින් මුදල් හොයන්නේ කොහොමද?

Gig එකක් කියන්නේ $5ක් වටිනා එක කොටසකට. මෙහිදී අපිට විකුනන්න පුලුවන් $5 ඒවා විතරයි. ඒකෙන් $1ක් එම වෙබ් අඩවිය ගන්නවා. $4ක් අපට ගෙවනවා. withdraw කරද්දී 2% ක් කැපෙනවා. මේ හැරුනාම වෙන කිසිම ගාස්තුවක් අය වන්නේ නෑ.


Fiverr සදහා පොදු නීති

[$] ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්‍රතිඵලය Deliver කල යුතුයි.

[$] එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු වන දේ බව සදහන් කර, Order Complete කල යුතුයි.

[$] Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.

[$] මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr හි තැන්පත් කර තැබිය යුතුයි (Safety Clearance Period). එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.
  
[$] ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියි, එම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි.


දක්ෂ වෙලෙන්දෙක් වීමට මොනවද ඕනේ?

[+] English නම් ඕනේමයි, ලියන්න, කියන්න, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ.

[+] PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming වගේ මොනවාහරි ක්ෂේත්‍රයක දක්ශයෙක් වෙන්න ඕනේ.

[+] ඔය එකක්වත් බැරිනම් විකටයෙක්වත් වෙන්න ඕනේ, ඒකත් බැරිනම් රට කපටියෙක් වෙන්න ඕනේ.


මූලික දේවල් ඉවරයි. එහෙනම් අපි වැඩේට බහිමු. ගිනුමක් හදන්න හරිම ලේසියි. පහල අංක දාලා තියෙන පිලිවෙලට පෝරමය පිරෙව්වාම හරි,

කුප්පිය #1 දාපුවාම දුවලා ගිහිල්ලා එකවුන්ට් හදන්න ඇති නේද? අයියෝ ඕවත් අපිට වැඩද කියලා හිතන්නත් ඇති. හැබැයි ඒ හදපු Gig විකිනෙන්නත් නැතිව ඇති නේද?  මේ කියලා දෙන්නේ ටිකක් හොර වැඩක්. අසිරිලංකාවේ කාළකන්නි, මේ ලංකාව කියන නම කාලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ විදියට හදන Gig විකිනෙන්නේ නැති තරම්.

ඒ නිසා පුන්චි හොර වැඩක් කරමු. එයාලා අපේ රට detect කරන්නේ අපි ගිනුමට register වෙන අවස්ථාවේ පමනයි. එතනින් පස්සේ කිසිම විටෙක අර මුලින් තිබූ රට වෙනස් වෙන්නේ නෑ. ඒ හින්දා දැන් අපි හදන්නේ රට වෙනස් කරන්න.

Safe IP මෙතනින් බාගන්න. ඉන්ස්ටෝල් කරන්න. 

කැමති රටක් කරකවලා IP නම්බරේ මාරු කරන්න. ‍තෝරනකොට ටිකක් ලොකු රටක් කරකවන්න. IP නම්බරේ මාරු කරලා. දැන් ගිහින් Register වෙන්න. ඔන්න පුන්චි හොර වැඩකුත් කියලා දුන්නා.

ගිනුම හදලා ඊලගට තමන්ගේ තොරතුරු ඇතුලත් කරන්න. ඇත්ත ඒවා දැම්මත්, බොරු ඒවා දැම්මත් කිසි අවුලක් නෑ. ඒක ඉතින් ඔබේ කැමත්ත.



දැන් Gig හදලා බලන්නකෝ විකිනෙන හැටි. ඊලග ලිපි වලින් මේවා සම්පූර්ණව කියලා දෙන්නම්. 

හැම දේම කියලා දෙන්නම්, එතකන් නිකන් ට්‍රයි කරලා බලන්න. 
ඊලග කුප්පියෙන් හමුවෙමු. 

ගිහින් එන්නම් ඔබට ජය!

Continue reading ...

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr කුප්පිය #1

1 comments

එක එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන් බිහිකරනවා දැකලා ඇති.

මේවා කිසිම දෙයක් ප්‍රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්‍රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි දැන් උබ ලක්ෂපතියෙක් වුනාද කියලා. ඒකට දෙන උත්තරේ තමයි, මම තාම දහස්පතියෙක්, ටික කාලයකින් ලක්ෂපති කියන තනතුරට උසස්වීම් ලබන්නත් බැරිවෙන එකක් නෑ.


Fiverr කියන්නේ මොකක්ද?

Fiverr කියන එකේ සිංහල තේරුම "පහට වැඩකරන තැන" යන්නයි. පහ කියන්නේ කොස්ගෙඩිවත් පොල්ගෙඩිවත් නෙවේ, ඩොලර් 5. මේක $5ට වැඩකරලා දෙන Freelancer වෙබ් අඩවියක්. fiverr.com මෙච්චර කාලයක් කුරුමානම් අල්ලලා ඔන්න මං අල්ලාගත්තා පොට. කැමතිනම් පුලුවන් ඔයාලටත් එල්ලෙන්න. හැබැයි කුප්පිය ඉවරවෙනකන් මගෙන් අහන්න එපා දිව්‍යලෝකේ කොච්චර ලොකුද කියලා. එහෙම වුනොත් අපිට ආයෙත්වෙන්නේ කුබුරු කොටන්න. දන්නවා ඇතිනේ ගමරාළ දිව්‍යලෝකේ ගිය කතාව.

කීයක් හම්බ කලාද?

හම්බ කරපු මුදලෙන් ටිකක් පෙන්නනම්. ඔක්කොට ඉස්සරලා ගෙදර කාටහරි ලගට අඩගන්න, කලන්තේ දැම්මොත් එහෙම මාර කේස් එකක් වෙන්නේ.





මොකක්ද මේ ලක්ෂපති කතාව?


ඉස්සරෝම බලන්නකෝ පහල ScreenShot එක.



ඕකේ ඔය Facebook Likes විකුනන කෙනාගේ Gig එක අපි බලමු.


රතුපාටින් ඉරක් ඇදලා තියෙන පෙදෙස බලන්න. Pros සහ Cons දාලා තියෙනවා පේනවානේ. ඒකෙන් එයා $5 ඒවා කීයක් විකිනුවාද කියලා බලන්න පුලුවන්.

Pros ගාන= 2731

අපි බලමු එයාගේ ආදායම,

2731 x $4 = $10924 ~ Rs. 1,092,400

මම අත්දකීමේන් මේ කියන්නේ Pros සහ Cons  දාලා යන්නේ Gig මිලදීගන්න පිරිසෙන් තුන් දෙනෙකුට එක් අයෙක් විතර.

සැබෑ ආදායම~ Rs. 1,092,400 x 3 = Rs. 3,277,200  

දැන් දුවලා ගිහිල්ලා වතුර ටිකක් එහෙම බීලා එන්න ඉතුරු ටික අහන්න.

මෙච්චර Gig විකිනෙන්න හේතුව මොකක්ද?


පේනවනේ හේතුව. පිස්සු හැදෙනවා නේද?

මේ වගේ දේකට කුප්පියක් නොදා කොහොමද. කුප්පිය බලාපොරොත්තුවෙන් ඉන්න. දන්න කෙනෙක් මට මේ ටික කියලා දෙන්න.
"FastSpring මගින් පේපැල් මුදල් ලංකාවට ගෙන්වන හැටි". හරියට කියලා දෙනකෙනෙකුට මං හොදට සලකනවා.
මං සෑහෙන්න ඔට්‍ටුවුනා, තාම වැඩේ අල්ලාගන්න බැරිවුනා.

තව ලොකු උදව්වක්. WebCam එකක් ගෙනාවා. ඒක Brand එකක් නැති එකක්. ඒකට ඩ්‍රයිවස් නෑ. මගේ OS එක Vista. ඩ්‍රයිවස් තියෙන කෙනෙක්  ඩ්‍රයිවස් දෙනවානම් ලොකු උදව්වක්.

එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය!

ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති?




Continue reading ...
 

Copyright © I PLUS BLOG