Friday, October 4, 2013

ඕඩර් එකක් ආවා. හෆොයි දැන් මොකද කරන්නේ | Fiverr කුප්පිය #4


Fiverr ඔයාලටත් මටත්, අපි හැමෝටමත් වාසනාව කැන්දූ වෙබ් අඩවියක්. කොච්චර කීවත් අහන්නේ කමකට ගන්නේ නැති, තාමත් PTC පස්සේ දුවන උදවිය නැතිව නෙවෙයිනේ. ඔක්කොටම වඩා හේතුව කම්මැලිකම. ඇයි? එයාලා හිතන්නේ මෙහෙමයි, ඕඩර් එයි, ඉංග්‍රීසියෙන් කථාකරයි, මට තේරුම්ගන්න බැරිවෙයි. අනෙක මට කොම්පීතරේ මුකුත් හරි හමන් විදියට කරගන්නත් බෑ. ඔයිට වඩා හොදයි අන්ධ, ගොළු, බිහිරි එකෙක් වගේ PTC පස්සේ දුවන එක කියලා.

ඇත්තම කියනවානම් හරියට බැලුවොත් මටත් මුකුත්ම බෑ. ඉංග්‍රීසිත් හරියට බෑ, ඩිසයින් වැඩත් හරියට බෑ. Social marketing නම් දන්නේම නෑ, මොකක්ද programming කියන්නේ?


ඔහොම බලාගෙන ගියොත් කිසිම දෙයක් බෑ. ඒත් මං මාස කීපයක ඉදලා Photoshop වලට ඔට්‍ටු වුනා. ඒ ඉගෙනගැනීමේ පරමාර්ථයෙන් නෙවේ, මුදල් සෙවීමේ පරමාර්ථයෙන්. ඩිසයින් වැඩ කරන එවුන්ට ඕඩර් 1000, 2000 තියෙනවා දැක්කහාම, ඉරිසියාවෙන් ඉවසාගන්න බැරිව, අකමැත්තෙන් වුනත් Photoshop එක්ක ගැ‍ටුනා. දැනට හොදටම බැරිවුනත්, සාමාන්‍ය තරමේ ඇඩ් එකක්, පෝස්ටර්, බැනර් එකක් ඩිසයින් කරගන්න පුලුවන්. පහලින් දාල තියෙනවා මං ඩිසයින් කරපු බෑනර් එකක්. සමහරෙක් දකීවී මේක ලස්සනයි, හරි ක්‍රියේටිව් කියලා, තව කෙනෙක් දකීවි හෆොයි මේක කපු‍ටු කූඩුවක් වගේනේ කියලා. මටනම් හිතෙන්නේ ඔය දෙවෙනියට කියපු එක. :P


මං මේක පෙන්නුවේ මගේ පණ්ඩිතකම විදහා දක්වන්න නෙවේ, උත්සාහ කලොත් තරමක හෝ සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් කියන එක පෙන්නන්න. ඔන්න දැන්වත් මොනවාහරි අලුත් දෙයක් කල්පනා කරලා, වැඩේට බහින්න.

හරි අපි කතාවට බහිමු. ගිනුමක් හදන්න වගේම සාර්ථක ගිග් එකක් හදන්න අපි දන්නවා.  ඔන්න දැන් කථාකරන්න යන්නේ, ඕඩර් එකක් ආපු අවස්තාවේ සිට, ඕඩර් එකක් අවසාන වෙන අවස්තාව දක්වායි. 

වැදගත් කරුනු:
 මෙහි මා සදහන් කර ඇති කිසිදු ඉංග්‍රීසි වාක්‍යක්, වචනයක් කොපි කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා ඒවා අනුගමනය කරන්න එපා. ඒකට හේතුව, මං මේවා උදාහරනය් උදෙසා පමනක් කරන නිසා. සුද්දොත් එක්ක හිත දිනාගන්න කතා කරන වචන, වාක්‍ය සෙට් එකක් තියෙනවා. ඒවා මං අනිවාර්යයෙන්ම කියලා දෙනවා. මෙතන මං කුප්පිය දාන්න ඕනේ නිසා, මගේම ගිනුමකින් මගේම ගිග් එකක් මිලදී අරගෙනයි  තියෙන්නේ. ඉංග්‍රීසි පාඩම වෙනමම කරන්නම්. ඒ ඉංග්‍රීසි පාඩම ඔයාලාගේ ගිනුමට ඕඩර් ගොඩක් එන්නත්, Positive feedback එන්නත් මහෝපකාරී වේවි.

ගිනුමට ලොග් වුන අවස්තාවේ ඕඩර් එකක් හෝ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවානම් මෙහෙම පෙන්නනවා.


හෆොයි! ඕඩර් හතරක්. $16ක්. "new order" බොත්තම ඔබලා අපිට නව ඕඩරයකට පිවිසෙන්න පුලුවන්.
එහෙමත් නැත්නම් Seller--> Manage Sales මගිනුත් නව ඕඩර් බලාගන්න පුලුවන්. ඔන්න එහෙනම් මං ඕඩරකට බහිනවා

Fiverr කුප්පිය #3  හි Instructions To Buyer කියලා box එක අපි පිරෙවවා මතක ඇති. අන්න ඒ ඉල්ලිම් වලට අනුව, සේවාව මිලදීගන්න කෙනා අපට තොරතුරු දන්වා එවලා තියෙනවා.

"can you design for me" කියලා තියෙන්නේ අන්න ඒක තමයි. වරදවා තේරුම් ගන්න එපා. මෙතන තියෙන්නේ උදාහරනයක් විතරයි. ඔයාලා අහලා තියෙනවානම් twitter username & pass , එයා ඒකට පිලිතුරක් මේ හරහා එවලා ඇති.

දැන් ඉහත රූපයේ පහලින් කො‍ටු දෙකක් පේනවානේ. ඒ ගැන තොරතුරුයි මේ.

Send a Message
Buyer එවලා තියෙන තොරතුරු පැහැදිලි නැත්නම් හෝ වෙනත් කරුනක් ඇසීමට මේ මැසේජ් බොක්ස් එක යොදාගන්න පුලුවන්.

Deliver Completed Work
අවසාන ප්‍රථිපලය Buyerට යැවීමට පමනක් මේ මැසේජ් බොක්ස් එක  යොදාගන්න පුලුවන්.

තවත් අමුතු විදියේ බොත්තමක් තියෙනවා. ඒකේ විස්තර කියන්නට පහල රූපය බලන්න.
  මේ බොත්තම අපට වැදගත් වෙන්නේ කුමන හෝ හේතුවක් නිසා අපට මේ ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම් පමනයි.


A- Request Cancellation
මේක තමයි ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම්, අපි අනිවාර්යයෙන්ම භාවිතා කලයුතු බොත්තම. කිසිම අවස්තාවක B බොත්තම භාවිතා කරන්න එපා. මෙහිදී සිදුවන්නේ, අපි සාධාරන හේතුවක් කියලා Buyerගේත් කැමැත්ත අරගෙන මේ ඕඩර් එක කැන්සල් කරන එක. ඒ හේතුව අපට C ලෙස නම් කර ඇති text box එකේ දන්වා යවන්න පුලුවන්.

B- Force Cancel Order
මේකනනම් වැරදිලාවත් ඔබන්න හොද නැති බොත්තමක්. මොකද, අපි අපේ කැමැත්තෙන් විතරක් මේ ඕඩර් එක කැන්සල් කලොත්, Negative Feedback එකක් වැටෙනවා. Negative Feedback වැටෙනවා කියන්නේ අයේ කවදාවත් ඕඩර් එන්නේ නෑ, කියන එකට සමානයි.

දැන් අපි හිතමු පවරපු වැඩේ අපි සාර්ථක ලෙස සම්පූර්න කලා කියලා. ඔන්න දැන් අපි හදන්නේ deliver කරන්න. 

"Deliver Completed Work" නම්වූ text box එක ‍තෝරනවා. "Browse" බොත්තම මගින් ඕනෙම ෆයිලයක් Attach කරන්න පුලුවන්. "Problem with upload" මගිනුත් එකමයි කරන්නේ, ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගොඩක් slow නම් විතරක් මේ බොත්තම භාවිතා කරන්න.

 මැසේජ් එකක් එහෙම තියෙනවානම් ටයිප් කරලා. "Send" බොත්තම ඔබන්න. අවසානයේ සාර්ථක ලෙස deliver කලානම්, පහල ලෙස තෑගි පාර්සලයක් දිස්වෙනු ඇති.



ඔයාලට පේනවා ඇති ඉහත රූපයේ ඉංග්‍රීසි වාක්‍යක් කො‍ටු කරලා තියෙනවා.  එක ගැන තොරතුරු පහල සාරාංශයෙන් දැනගන්න.

සාරාංශය
order එකක් එනවා.
අපේ ගිග් එකට  අවශ්‍ය තොරතුරු Buyer දන්වලා තියෙනවා. තව මොනවාහරි දැනගන්න ඕනේනම් ඒකට ඉහත ක්‍රම කියලා දීලා තියෙනවා.
ප්‍රතිඵලය Deliver කලාම Buyer ට පුලුවනි, Order Complete කරන්න එහෙමත් නැත්නම් පුලුවනි Reject කරන්න.

Order Complete කරනවානම් Positive හෝ Negative Feedback එකක් දාන්න පුලුවනි. Reject කලොත්, එයා කියන විදියට අපි නැවත සකස් කරලා දෙන්න ඕනේ.

මුලින්ම කීවනේ, කුප්පිය දාන්න ඕනේ නිසා Buyerත් මම Sellerත් මමයි කියලා. ඒ නිසා Buyerකෙනෙක්ගේ ගිනුමට, Seller විසින් Deliver කල දේ ඇවිල්ල තියෙන්නේ මෙහෙමයි.


Feedback දැමීමක් හෝ Reject කිරීමක් සිදු නොවුනොත්?

එහෙම වුනේ නැත්නම් දවස් තුනකින් automaticallyම ඕඩර් එක complete වෙනවා. ඒ කියන්නේ අපේ Deliver කිරීමට Buyer කිසිම ප්‍රත්චාරයක් දවස් තුනක් ඇතුලත නොදක්වුවොත්, එතනින් පස්සේ අපේ ගිනුමට නිකම්ම සල්ලි වැටෙනවා.

ඊලග ලිපියෙන්:
ඉංග්‍රීසි පාඩම
ගිග් Pending Review වීමට විසදුම්
ගිග් එකට ට්‍රැ‍ෆික් කැන්දවීම


ගිහින් එන්නම්,
ඔබට ජය!




0 comments:

Post a Comment

 

Copyright © I PLUS BLOG