Monday, October 14, 2013

100% ක් Positive Feedback | Fiverr කුප්පිය #5


මේක ‍ෆිවර් ගැන ලියන අවසාන ලිපියද කියලා මං දන්නේ නෑ. සමහරවිට තව ලිපියක් ලියන්න වෙයි. අපි බලමුකෝ ලියාගෙන ගිහිල්ලා අන්තිමේට මොකද වෙන්නේ කියලා. ගොඩක් යාලුවෝ කියනවා fiverr නම් හරි සාර්ථකයි කියලා. oDesk වල වගේ විභාග ලිය ලියා ඔට්‍ටු වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අපි කුප්පියට බහිමු,

මොකක්ද මේ Positive Feedback?

අපි කොච්චර දක්ශද, ගැනුම්කරුවන්ට හොදට සලකනවාද, ලෙඩ දාන්නේ නැතිව ඉක්මනට වැඩේ කරලා දෙනවාද කියන කරුනු මත Feedback එක තීරනය වෙනවා. සාමාන්‍යයෙන් Feedback එක 90% ට වැඩි නැත්නම් ආයේ ඕඩර් එකක් එනවා කියන එක හීනයක් වගේ. ඒකට fiverr හි තිබෙන තරගකාරී බව කෙලින්ම බලපානවා. Feedback  එක නංවාගැනීම සදහා මගේ අත්දැකීමේ හැටියට කරන්න පුලුවන් දේවල් කියන්නම්.

1. පැහැදිලි, සරල ඉංග්‍රීසි වලින් කතා කිරීම.
2. අඩුම තරමේ දවසකට වරක්වත් fiverr ගිනුමේ නව ඕඩර් තිබේදැයි බැලීම.
3. ලැබී තිබෙන ඕඩර් හැකි ඉක්මනින් සම්පූර්න කර දීම.
4. Fiverr Inbox එකට ඇවිත් ඇති ගැටලු වලට නොපමාව රිප්ලයි කිරීම.


පැහැදිලි, සරල ඉංග්‍රීසි වලින් කතා කිරීම

මෙහෙමයි, මේ වැඩේට දඩාර් ඉංග්‍රීසි දැනුමක්වත්, බස බස ගාලා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක්වත් ඕනේ නෑ.  අපි ඉස්සරෝම බලන්න ඕනේ අපි කරන්නේ මොන වගේ ගිග් එකක් ද කියලා. මට ආපු මැසේජ් වගේම ඒවාට එක එක ක්‍රම වලට රිප්ලයි කරපු හැටි මං පහලින් දාන්නම්. ඔයාලටත් පුලුවනි මේ රූප බලලා, ඒකෙන් හොදයි කියලා හිතෙන ඉංග්‍රීසි වචන, වාක්‍ය උපුටාගන්න.  මේ ක්‍රමය අල්ලාගන්න උත්සාහ කරන්න. ආමන්ත්‍රනය හා අවසානය වගේ දේවල්.

මම බැනර් ඩිසයින් කරනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු ලින්ක් list එකක් විකුනනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු icon විකුනනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


eBay Poster Designing, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.


දැන් අපි හිතමු අපි ඕඩර් එකක් Deliver කලා කියලා. අන්න එතකොට මමනම් යවන්නේ මේ වගේ මැසේජස් තමයි. ඔයාටත් පුලුවනි හොදයි කියලා හිතෙන වාක්‍යක් උපුටාගන්න.

මේ Design වැඩක් කරලා දීලා Feedback එක ඉල්ලපු හැටි,


මේකත් Design වැඩක්. මේ සුද්දානම් ඇනයක් වුනා. හැබැයි කොහොමහරි අඩලා Positive Feedback එකක් ගත්තා.

ඔය සෑර් කියන වචනේ කියන්න ලැජ්ජයි නම්, Hi හෝ Hello කියලා ආමන්ත්‍රනය කරන්න පුලුවන්. මටනම් ඒක එච්චර ගානක් නෑ. මූන පේනවයැ. :P ඔන්න ඉංග්‍රීසි පාඩම ඉවරයි.

ඕඩර් ඕඩර් ඕඩර්................... ඕඩර්

දැන් කියන්න යන්නේ ඕඩර් වැඩිපුර ගන්න ක්‍රම සහ විධි,

1. අපි දක්ශයෙක් වෙන්න ඕනේ

 අපි හිතමුකෝ මේ ලිපිය කියවන ඔයාට පුලුවන් එක අතකින් mouse එක අලාගෙන, අනිත් අත keyboard එක උඩ තියාගෙන මන්ද බුද්ධිකයෙක් වගේ කොම්පීතරේ දිහා බලාගෙන ඉන්න විතරයි කියලා. ඒ කියන්නේ විකුනන්න කිසිම  දක්ශතාවයක් නෑ කියන එක හොදේ. ඉතින් විකුනන්න දේවල් නැතුවයැ PSD, Icons, Software, Images වගේ දේවල් විකුනන්න පුලුවනිනේ.

heroturko.me
downeu.com
downtr.co
gfxtra.com
මේ වෙබ් අඩවි තියෙන්නේ නිකමටයැ.

ගෙදර බල්ලෙක්, පූසෙක් හෝ වෙනත් සුරතලෙක් ඉන්නවානම්, ඔයාලට පුලුවනි උන්ව විකුනං කන්න. කැමරාවක් විතරයි ඕනේ. මේකේ ඉන්න එවුන් ඇගිලි විකුනනවා, ඇග විකුනනවා, ගෙදර ඉන්න සුරතල්ලු විකුනනවා, ලස්සන මූනක් තියෙනවානම්, ඒක්ත් විකුනනවා. අපේ එවුන් හැමදාම කලේ අපට නෑ. අපිට බෑ. කිය කියා හිටපු එක විතරයි.









2. Unique Keywords භාවිතා කිරීම

ගිග් එකක් හදද්දී Keywords දාන්න ඕනනේ. අපි හැමවෙලේම පෙලෙබෙන්න ඕනේ අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ හැමෝම දාන කීවර්ඩ්ස් වලට වඩා වෙනස් වචන දාන්න.  ඔය කීවර්ඩ් වල තියෙන නැවුම් භාවය ඔයාගේ ගිග් එක fiverr හි මුල් පි‍ටුවලට එන්න අත්වැලක් වෙනවා.
අපි හිතමුකෝ අපේ ගිග් එකට හරියන කීවර්ඩ්ස් දාගන්න දන්නේ නෑ කියලා. අපිට පුලුවනි මෙහෙම වැඩක් කරන්න. Gig එක Design වැඩක් සම්බන්දවනම්,



මෙන්න මේ විදියට ඒකට ගැලපෙන keyword එකක් හොයාගන්න පුලුවන්. 
තවත් වැඩක් තියෙනවා, fiverr එකේ search කරලා, අපේ gig එකට සමාන gig දෙක තුනක් හොයාගෙන ඒවාගෙන් keyword කොපි කරලා, මිශ්‍ර කරලා දාන එක. 

Gig Description එකක් හරියට ගලපලා ලියාගන්න බැරිනම් ඒකටත් ඉහත ක්‍රමයම යොදාගන්න පුලුවන්.


3. Unique Title එකක් භාවිතා කිරීම

මොනවා කොපි කරලා දැම්මත්, Title එකනම් කොපි කරලා හරියන්නේ නෑ. ඇස් කඩාගෙන යන unique title එකක් දාන්න. මෙච්චර කාලෙකට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
eg:
I will design a killer LOGO for your company or website for $5

4. Facebook හා Twitter හි Share  කිරීම

 Share කරන්න නම් ඔයාගේ මේ ගිනුම් වල යාලුවෝ ගොඩක් ඉන්න ඕනේ. ලංකාවේ උන් නෙවේ. පිටරට මිනුස්සු. ලංකාවේ එවුන්ටනම් අපි වැඩෙත් නිකන් කරලා දීලා කීයක් හරි සාක්කුවටත් දාන්න වෙයි.



Pending Review වීමට විසදුම්


Pending Review වන්නේ Keywords හා Description එකට නීති විරෝදී වචන දාපුවාම. මෙන්න මේවයි නීති විරෝදී වචන කියලා කියන්න දන්නේ නෑ. බොහෝවිට ඊමේල් සම්බන්දව හා එක එක eBook වගේ දේවල් විකුනන්න ගියාමයි මේ දේ වෙන්නේ. Pending Review වුනොත්, බොහෝවිට Active වෙනවාට වඩා Denied වීමේ සම්භාවිතාව වැඩියි. ඒකට කරන්න තියෙන්නේ ඒ ගිග් එක delete කරලා. ඉහත සදහන් කල ආකාරයට keywords කොපි කරලා දාන එක.


fiverr මුදල් withdraw කරමු

ඔයාලාගේ ‍fiverr ගිනුමේ කිසිම තැනක පේපැල් ලිපිනය සදහන් කරන්න නෑ. ඒක සදහන් කරන්නේ අපි මුදල් එලියට ගන්න වෙලාවේ විතරයි. දැන් කියන්න යන්නේ withdraw කරන ආකාරයයි.


A= Withdraw කිරීමේ හැකියාව පවතින මුදල
B= දින 14ක් යන තුරු Withdraw කල නොහැකි මුදල
C= කරමින් පවතින ඕඩර් සදහා ලැබුනු මුදල

"withdraw your earnings" බොත්තම ඔබනවා. එවිට පහල පෙනෙන පරිදි නව පේජයක් ඒවි.


  මෙහි දෙපාරක් ඔබේ පේපැල් ලිපිනය සදහන් කර "Submit"  කියන බොත්තම එබුවාම. ඔබ සදහන් කල පේපැල් ලිපිනයට ඊමේල් එකක් එනවා. වරදවා තේරුම් ගන්න එපා. පේපැල් ඊමේල් එකටයි link එක එන්නේ.


ඔන්න ඔය උඩ තියෙන විදිහේ ඊමේල් එකක් එන්නේ. ඒකේ ලින්ක් එක ක්ලික් කරපුවාම පේපැල් එකට සල්ලි වැටෙනවා. මේක පැයක් විතර ඇතුලතදී වෙනවා.

තව පොඩි දෙයක් තියෙනවා. මේක මට යාලුවෙකුගෙන් වැ‍ටුනු කොමෙන්ට් එකක්. ඔයාලටත් වැදගත්වේවි කියලා හිතලා පෝස්ට් එකේම දාන්නම්

Anonymous says:
October 24, 2011 1:50 AM ;

මම ඔය වැඩේට බැස්සා යාළුවා ඔයාගෙ පළමු ලිපිය මේ ගැන දැකලා.. මම දැන් සති දෙකක් සම්පූර්ණ කළා. කියන්න සතුටුයි මම ගිග් 32ක් කළා...එයින් දැනට 25ක් සම්පූර්ණයි..මට මතකයි මං ඔයාට කියලා යන්න ආවා ඒ ගැන... ඉතින් අදත් අවංකව ස්තුති වෙනවා ඔයා මේවා කියලා දුන්නට..

ගිග් කරනවා නම් පොඩි දෙයක් අනිත් යාළුවන්ට කියන්න ඕනි..සමහරු හිතනවා ඇති කපටිකම් කරලා මේක කරන්න පුළුවන් කියලා..ඒත් එහෙම බැහැ..ඒත් මෙහෙම දෙයක් තියෙනවා...අවංක දක්ෂ අයට වැඩ වැඩියි...එයාලා ගොඩක් වෙලාවට සල්ලි ගැන නෙවෙයි බලන්නේ...ඇත්තටම වැඩේ තියෙන ගුණාත්මක බව..මම කරේ ග්‍රැෆික් ඩිසයින්..ඇත්තටම ලෝගෝ හදන්න..ඒත් ඇත්තම කිව්වොත් ලෝගෝ එකක් හදන්න නිකම් ඩොලර් 4ක් අරන් බැහැ..ඒත් මම කරලා පුළුවන් උපරිමෙන්ම..

එහෙම කලොත් තමා මාර්කට් එක අල්ලගන්න පුළුවන් වෙන්නේ...

පුංචි දේවල් ටිකක් කියන්නම් මම අත්දැකීමෙන් ලබපු....

1. ඔය ගිග් එකේ විස්තර දානකොට ඔයාගෙ වැඩ පෙන්වන්න කොහේ හරි වැඩ ටික දාලා ලින්ක් එකක් දෙන්න පුළුවනි නම් හොදයි ගොඩක්... මම නම් මගේ ලෝගෝ වැඩ ටික යෝලා සයිට් එකකට දාලා පෙන්නුවා... ඒක ගොඩක් හොදයි..

2. ගොඩක් වැල්වටරම් නම් ලියන්න එපා...ලස්සනට කෙටියෙන් ඒත් කියන්න තියෙන දේ කියන්න..

3. ගොඩක් අය බලන්නේ ඒවා කියවා කියවා ඉන්න නෙවෙයි.. ෆීඩ් බැක් බැලුවා අර ලින්ක් එකක් තියේ නම් ඒක බැලුවා .. ඕර්ඩර් කළා....

4. ඔයාලා දකින්නත් ඇති..ඔයාලා කරන වැඩේ ගැන ලස්සන චූටි වීඩියෝ එකක් දෙනවා නම් නියමයි...

5. කෙනෙක් ගිග් එකක් ගත්තම අපේ එයා එක්ක කථා කරලා පැහැදිලිව එයා බලාපොරොත්තු වෙන දේ දැන ගන්න...

6. ඔයා කරපු එකක් වෙනස් කම් කරන්න වෙයි ගොඩක් වෙලාවට..විශේෂයෙන්ම ඩිසයින් වැඩ වල..සතුටින් ඒක කරලා දෙන්න...

කට්ටියටම එහෙනම් සුභ පැතුම් මගෙනුත්... අයෙමත් ස්තුතිය අයි ප්ලස්ට..එල කොල්ලෝ ඔයාගෙ වැඩේ...හැමෝම මෙහෙම නැහැ..මටත් පුළුවන් දන්න දේවල් අත්දැකීම් පුළුවන් වෙලාවට මෙහෙම දාලා යන්නම්...

 මෙතනින් කොමෙන්ට් එක ඉවරයි. මේ කොමෙන්ට් එක දාපු යාලුවාට ගොඩක්ම ගොඩක් ස්තූතියි!

 තව ලිපියක් ලියන්න වේවිද කියලා මං තාම දන්නේ නෑ. මොනවාහරි කියන්න අමතක වුනා කියලා හිතුනොත් ලියන්නම්. මං කියනදේවල් තේරෙනෙවාද කියලානම් මං දන්නේ නෑ. කොහොමත් මේ දවස්වල චේන් පැනලා ඉන්නේ. රිසල්ට් එන්නත් ලගයිනේ. :P

ගිහින් එන්නම්,
ඔබට ජය!







1 comments:

  1. බොහොම ස්තුති. පුංචි ප්‍රශ්නයක්. ඉහත දීලා තියන sites වලට ගිහින් download කරගන්න බෑ. එකට ක්‍රමයක් කියලා දෙනවානම් නම් ගොඩක් පින්.

    ReplyDelete

 

Copyright © I PLUS BLOG